බදු බරින් හිඟමනට වැටුණු ජනතාව, දියුණු ලෝකයේ මෙවන් රටක් නැහැ - ගයන්ත දෙහිවත්ත

By Shehan Sep 08, 2025 01:54 AM GMT
Report

ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පවසයි.

‘ප්‍රගතිශීලි ආණ්ඩුවේ වැඩපිළිවෙල රනිල්ගේද?’ යන මැයෙන් විකල්ප මග සංවිධානය ජාඇල ප්‍රදේශයේ මීට දිනකට පෙර පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා මෙසේ පැවසීය.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රජයට පාලනය කරගත නොහැකි බලසම්පන්න නව ව්‍යාපාරික පන්තියක් රට තුළ බිහි වී ඇති බවත්, රටේ විධායක ජනාධිපතිවරයාගේ මේසයට තට්ටුවක් දමා, තග දමා තම ව්‍යාපාරික අභිප්‍රායන් සපුරාගැනීමට තරම් ඇතැම් ව්‍යාපාරිකයන් ශක්තිමත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

 ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා වැඩි දුරටත් මෙසේ පැවසූහ.

“රජය මහ පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට වසර 5 සිට 30 දක්වා බලපාන අයුරින් විශේෂිත බදු සහන දීලා තියෙනවා. ඒ අතරම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි අන්දමට බදු බර පටවා තියෙනවා.

රජය මුදල් නැති අයගෙන් අරගෙන සල්ලි එකතු කර ගන්න ලැජ්ජාසීලි උත්සහයක නිරත වෙලා ඉන්න බව පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ රජය යටතේ මුලු රාජ්‍ය යන්ත්‍රණයම මුලික වගකීම් දෙවනියට දමා අද සල්ලි එකතු කරගත හැකි ක්‍රියාමාර්ගවලට මුල්තැන දීල කටයුතු කරගෙන යනවා. ඒ බව රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරයෙන් රටටම හුවා දක්වලා තියෙනවා.”

රටේ උතුරු ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට තද වැසි - මෙන්න අනතුරු ඇඟවීමක්

රටේ උතුරු ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට තද වැසි - මෙන්න අනතුරු ඇඟවීමක්

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය