එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරයි
එක්සත් ජාතික පක්ෂය විසින් මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මේ සදහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කල යුතු බවයි.
මෙහිදී පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කල අතර මෙම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවයි.
එමෙන්ම සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.