රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කිරීමට අදාළ පෙත්සමට දින නියම වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇත.
අද (08)දින මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන තිදෙනාගේ සහභාගිත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විමර්ශනය කර ඇති අතර අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගන්නා ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් ඉදිරිපත් කර ඇත.