''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

Report

ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත්‍රයා වන රංජිත් සේරසිංහ පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම මව කෝට්ටේ නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවයි. වරින්වර සාමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වෙන මෙවැනි ව්‍යාජ පුවත් ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ශේෂ්ත්‍රයේ කලාකරුවන් රැසක් ද දුරකථන ඇමතුම් ලබා දී ඇයගේ සුව දුක් විමසා සිටි බවත් ඔහු සඳහන් කරා.

තවද රූපවාහිනියේ හා රිදි තිරයේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම කලාකාරණිය වන අයිරාංගනී සේරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළවන වාර්තා මේ වන විට බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන තිබේ. 

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය