දේශපාලන බලවේග එක්වෙයි - සජිත් හිටපු මන්ත්‍රීවරුන් සමග අද සාකච්ඡාවක

Report

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව සිදුවන බව වාර්තා වේ.

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මෙම සාකච්ඡාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව බවද වාර්තා විය. හෙට (09) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව SJB කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් දැනුවත් කිරීමටද සජිත් ප්‍රේමදාස මහතා සූදානම්ව සිටින බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ගගන වෙත පවසා ඇත.  

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට

ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට