බයික් එක නවත්තගන්න බැරි වුණා කෙලින්ම ගිහින් බෝක්කුවේ වැදුණා - පුද්ගලයන් දෙදෙනෙක් මරුට
රට තුල මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වූ බව පොලීසිය වාර්තා කරයි.
ඊයේ (07) දින මෙම මාරක රිය අනතුරු සිදුවූ බව පොලීසිය පවසයි.
ඊයේ උදෑසන යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පොල්පිතිගම පොලිස් වසමේ කුඹුකුලාව ඉරුදෙනියාය මාර්ගයේ වව්ලෑව ප්‍රදේශයේ බෝක්කුවක ගැටී අනතුරක් සිදු වූ අතර යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයට විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස යතුරුපැදි අනතුරින් ජීවිතක්ෂයට පත් වුයේ අවුරුදු 43ක් වූ මැද උල්පත, පොල්පිතිගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මීට අමතරව කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදී බණ්ඩාගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කිරීමට නොහැකි වී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇත.
පසුව අනතුරට ලක් වූ යතුරුපැදිකරුව පිළියන්දල රෝහලට ඇතුළත් කලද ඔහු මිය ගිය බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28ක් වූ ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි.