නව යොවුන් විය අවුරුදු 30 දක්වා සතුටු හිතෙන නවතම අනාවරණයක් මෙන්න

By Kanchana Mar 30, 2026 05:45 AM GMT
Report

මේ වනවිට මිනිස් මොළය ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අවධීන් පහක් හරහා ගමන් කරන අතර, එහි ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයන් වයස අවුරුදු 9, 32, 66 සහ 83දී සිදුවන බවට විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබේ .

වයස අවුරුදු 90 දක්වා පුද්ගලයින් 4,000ක් පමණ ඔවුන්ගේ මොළයේ සෛල අතර පවතින සම්බන්ධතා කුමන ආකාරයේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණවලට භාජනය කර ඇත .

තිස් ගණන්වල මුල් භාගය වන තෙක් මොළය නව යොවුන් වියේ පවතින බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙයි.

විදුලි ගාස්තු වැඩි වෙයිද? දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය අද

විදුලි ගාස්තු වැඩි වෙයිද? දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය අද

 ඔවුන් සදහන් කර්න්නේ මානසික සෞඛ්‍ය ආබාධ සහ ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම ජීවිත කාලය පුරා වෙනස් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මෙම ප්‍රතිඵල අපට උපකාරී වනු ඇති බවයි.

තවද මොළය නව දැනුමට සහ අත්දැකීම්වලට ප්‍රතිචාර දක්වමින් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය උපතේ සිට මරණය දක්වා එක් සුමට රටාවක් අනුව සිදු නොවන බවයි.

ඒ වෙනුවට, එය ගමන් කර අවධීන් පහ පහත  අයුරින් දක්වා තිබේ

  • ළමා විය - උපතේ සිට අවුරුදු නවය දක්වා
  • නව යොවුන් විය - නවයේ සිට 32 දක්වා
  • වැඩිහිටි විය - අවුරුදු 32 සිට 66 දක්වා
  • පූර්ව මහළු විය - අවුරුදු 66 සිට 83 දක්වා
  • පශ්චාත් මහළු විය - 83 සිට

ඉදිරියට පර්යේෂණයේ ප්‍රධානී ආචාර්ය ඇලෙක්සා මවුස්ලි මාධ්‍ය වෙත සදහන් කර තිබෙනුයේ

මොළය ජීවිත කාලය පුරා ම රීවයර් වෙනවා. එහි සෛල අතර සම්බන්ධතා හැම වෙලාවෙ ම ශක්තිමත් වෙනවා, දුර්වල වෙනවා. ඒක ඒකාකාරී රටාවක් නෙවෙයි. මොළය රීවයර් වෙන එකේ උච්චාවචනයන් සහ අවධීන් තියෙනවා,

යනුවෙනි

මේ පිළිබද මෙම වයස් දත්තවල කෙතරම් පැහැදිලිව පෙනෙනවා ද යන්න පුදුමසහගත බව පර්යේෂකයන් සදහන් කර ඇත.

මැදපෙරදිග යුද ගැටුම් උණුසුම් වීමෙන් ලෙබනනයේ සහ ඉරානයේ මරණ ගණන ඉහළට

මැදපෙරදිග යුද ගැටුම් උණුසුම් වීමෙන් ලෙබනනයේ සහ ඉරානයේ මරණ ගණන ඉහළට