අධිකරණ නියෝග කඩ කරමින් විරෝධය දැක්වූ 27ක් පොලිස් දැලේ

Report

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අධිකරණ නියෝග කඩකරමින් විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලිසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ද මේ සඳහා එක් වී ඇති බව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් නිලධාරීන් 8 දෙනෙකුට ලබා දී ඇති අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දක්වා තිබේ. මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ.

මේ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.  


බිරියගේ සැප වන්ඩිය උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

බිරියගේ සැප වන්ඩිය උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා


සබ්මැරීනයක් අනතුරට ලක් වෙයි

සබ්මැරීනයක් අනතුරට ලක් වෙයි