බිරියගේ සැප වන්ඩිය උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
By Dilasha
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් භාවිතා කරන ලද බව කියන ජීප් රථය එහි හිමිකාරීත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා තම මෝටර් රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් භාවිතා කරන බවට ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට දෙවන වතාවටත් පැමිණිලි කිරීමෙන් පසු මන්ත්‍රීවරයාගේ මිතුරකුගේ නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගත් බව සඳහන් කරයි.
එම මන්ත්‍රීවරයාගෙන් දික්කසාද වීම සඳහා ඔහුගේ බිරිඳ මේ වන විටත් හෝමාගම දිසා අධිකරණයේ නඩු පවරා ඇති බව වාර්තා වේ.