කඩ අයින් කරන්න ගිය නගර සභාව එක්ක පදික වෙළඳුන්ට මල පනී, තත්ත්වය පාලනය කරන්න පොලිස් ආමි ගෙන්නයි[PHOTOS]

Sri Lanka Army Sri Lanka Police Urban Council Sinhala news Breaking News
By Kaushi Jul 14, 2025 11:03 AM GMT
Kaushi

Kaushi

Report

වවුනියාවේ පදික වේදිකාවේ තිබූ කඩ කාමර කිහිපයක් ඉවත් කිරීමට උත්සාහ කළ පිරිසක් සහ වෙළඳුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු පොලිසිය සහ කැරලි මර්දන පොලිසිය යොදවා ඇති බව වාර්තා විය.

ඒ අනුව අද (14) දින වවුනියාව නගර සභාව වවුනියාව ඉලුප්පයාඩි ප්‍රදේශයේ සහ රෝහල් වටරවුමේ මාර්ගයේ දිගු කාලයක සිට ක්‍රියාත්මක වූ පදික වේදිකා කඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

එහිදී නගරාධිපති එස්. කාන්තීපන් මහතා සඳහන් කර තිබුණේ නගර සභාව පදික වේදිකා වෙළෙන්දන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

ඒ ඔවුන් රථවාහන තදබදයක් සහ ජනතාවගේ ගමනාගමනයට බාධාවක් වන බවත් පවසමින්. එසේම මින් පෙරදී ද වීදි වෙළෙන්දන් විරෝධතාවයක නිරත වූ අවස්ථාවක එහි පැමිණි නගර සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්, පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකාය සමඟ එක් වී වීදි වෙළෙන්දන් ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබුණා.

කෙසේඑ වෙතත් මේ සම්බන්ධයෙන් දිගු කලක පටන් වෙළඳුන්, පොලිසිය සහ නාගරික සේවකයින් අතර ඝර්ෂණයක් සහ ගැටුම් පැවත තිබෙනවා.

මේ අතර වෙළඳුන් තමන් වෙනුවෙන් වැඩි කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ. එහෙත් නගර සභාවේ නගරාධිපති එස්. කාන්තීපන් පවසා ඇත්තේ මේ වන විටත් ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව‍යි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

අඳාළ ව්‍යාපාරික ස්ථාන අප්‍රේල් මාසය වන විට ඉවත් කරන බව ප්‍රකාශ කර තිබියදී ඒවා ඉවත් නොකර මේ වන විට මාස දෙකක් ගතවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා තවත් කාලයක් ලබා දිය නොහැකි බව ඔහු විසින් පවසා ඇත.

පත්තරේට කෙළවපු හඳුන් හත්පොලේ ගා ගනියි, කරන්න හොඳයි කවුරුත් දැනගන්න නරකයි මාලිමාවේ මරු තියරි

පත්තරේට කෙළවපු හඳුන් හත්පොලේ ගා ගනියි, කරන්න හොඳයි කවුරුත් දැනගන්න නරකයි මාලිමාවේ මරු තියරි

එසේ වුවද ඉන් අනතුරුවද ඇතැම් වෙළඳුන් තවමත් වාද කරමින් සිටි නිසා පොලිසිය මැදිහත් වී එය නවත්වා ඔවුන්ගේ වෙළඳසැල් ඉවත් කර ගන්නා මෙන් වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටි බවත් සඳහන්.

ඉන් පසුව වෙළඳුන් එකඟතාවයකට පැමිණ මාර්ගය දෙපස ඉදිකර තිබූ තාවකාලික මඩු ඉවත් කර ගත් බවද සඳහන්.  

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

GalleryGallery
ReeCha