පෙරහැරට ගිය ලංගම බස් දෙකට ප්‍රහාරයක්

By Mithu Sep 07, 2025 11:17 AM GMT
Report

හසලක, උඩදුම්බර ඩිපෝවේ බස් රථ දෙකකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලංගම සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව ඇති අතර තුවාල ලැබූ සේවකයින් දෙන්නා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ. මෙම ප්‍රහාරය ඊයේ රාත්‍රි 11.30 ත් 12.00 අතර කාලයේදී සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආයෙත් යුද්ධයකද ? ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායලය තුලම විරෝධතා

ආයෙත් යුද්ධයකද ? ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායලය තුලම විරෝධතා

මහියංගනය ලංගම බස් නැවතුමේදී මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවයි පොලිසිය පවසන්නේ. පහරදීමෙන් බස් රථවල වීදුරු රැසක් විනාශයට පත්ව ඇති අතර, සිදුව ඇති අලාභය ලක්ෂ 2ක් පමණ වනු ඇති බවයි උඩදුම්බර ඩිපෝ කළමණාකරු කියා සිටියේ. මහියංගනය ලංගම බස් නැවතුම ඇතුළට යතුරුපැදියක් ධාවනය සඳහා ඉඩ ලබානොදුන් බව පවසමින් ලංගම බස් රථ රියදුරෙකුට පුද්ගලයෙකු පහරදී තිබෙනවා.

ප්‍රහාරය වැලැක්වීම සඳහා පැමිණි තවත් ලංගම සේවකයෙකුටද ඔහු පහරදී තිබෙන බවයි වාර්තා වෙන්නේ. මෙහිදී ඇසළ පෙරහැර නරඹා නිවෙස් කර යාමට බස් රථ නැවතුමේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුද සුළු තුවාල ලබා තිබෙනවා.

පියල් මනම්පේරිව රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

පියල් මනම්පේරිව රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ මහියංගන, දොඩම්වත්ත ගෙවල් 20 ප්‍රදේශයේ පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ. ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අතරතුරයි මෙම ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ.

හිටපු ජනපති මහින්දට සෙත්පතා ආශිර්වාද පූජාවක්

හිටපු ජනපති මහින්දට සෙත්පතා ආශිර්වාද පූජාවක්