මාර්ක් සකර්බර්ග් මෙටා සමාගමට සකර්බර්ග්ගෙන් නඩු

Report

අමෙරිකානු නීතිඥවරයෙකු වන මාර්ක් එස්. සකර්බර්ග් මෙටා සමාගමට එරෙහිව නඩු පැවරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු චෝදනා කරන්නේ සමාගමේ නිර්මාතෘ වන බිලියනපති මාර්ක් සකර්බර්ග් සමඟ නම් සමානකම නිසා ඔහුගේ ෆේස්බුක් ගිණුම් නැවත නැවතත් අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.

බංකොලොත්භාවය සම්බන්ධ නඩු පිළිබඳ නීතිඥයෙකු වන සකර්බර්ග් මහතා පවසන්නේ, පසුගිය වසර අට තුළ ඔහුගේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගිණුම් කිහිප වතාවක්ම අත්හිටුවී ඇති බවයි. මෙමගින් ඔහුට වෙළඳ දැන්වීම් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 11,000ක් පමණ වැය වී ඇති බව ඔහු සඳහන් කරයි. ඔහු මෙය සංසන්දනය කරන්නේ, ප්‍රදර්ශනය කිරීමට පෙර ආවරණය කර තබාගත් දැන්වීම් පුවරුවකට ගෙවන මුදලකට යන බවටය.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

අනන්‍යතාව වැරදි ලෙස අර්ථකථනය කිරීම මූල්‍ය පාඩු සහ පෞද්ගලික බාධාවන් ඇති කර ඇති බව නඩුවේ සඳහන් වේ. ඔහුගේ නම නිසා ඔන්ලයින් හිරිහැරවලට සහ නීතිමය ව්‍යාකූලත්වයන්ට ද මුහුණ දීමට සිදුවී ඇති බව ඔහු පවසයි.

මෙටා සමාගම විසින් පසුව ඔහුගේ ගිණුම් නැවත ස්ථාපිත කර ඇත්තේ, ගිණුම් අත්හිටුවීම් දෝෂයක් බව පවසමිනි. එවැනි ගැටළු වළක්වා ගැනීම සඳහා වැඩිදියුණු කිරීම් කරමින් සිටින බව ද සමාගම පැවසීය. මෙම නඩුව මෙටාගේ AI-අධාරිත අනන්‍යතාව සත්‍යාපන පද්ධතියේ දෝෂ සහ එහි බලපෑම් පිළිබඳ ජාත්‍යන්තර අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෑස් සිලින්ඩර මිල ඉහළටම.. ජයසිරිගෙන් හෙළිදරව් එක්ක අනතුරු ඇඟවීමක්..

ගෑස් සිලින්ඩර මිල ඉහළටම.. ජයසිරිගෙන් හෙළිදරව් එක්ක අනතුරු ඇඟවීමක්..

මෙම නඩුව 2025 සැප්තැම්බර් මාසයේදී කැලිෆෝනියා රාජ්‍යයේ ලීට්ල් ටොන් (Littleton) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සකර්බර්ග් මහතා ඩොලර් 100,000කට වැඩි වන්දි ඉල්ලා සිටියි. මෙය නම් සමානකම් නිසා ඇතිවන තාක්ෂණික ගැටළු සහ ඒවායේ මූල්‍ය හා පෞද්ගලික බලපෑම් පිළිබඳ නව සංවාදයක් ඇති කර ඇත.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු