ලොවටම සාමය පතා පරවියෙක් නිදහස් කර සාම පාගමන අදත් අරඹයි
By Kanchana
‘‘ඒහිපස්සිකෝ‘‘ සාම පාගමනේ සිවු වැනි දිනය වූ (25) දින උදෑසන මාවනැල්ල ඓතිහාසික බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථනය පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව පෙරවරු 7.10 ට පමණ බෙලිගම්මනින් ආරම්භවි මාවනැල්ලේ නඟරය, උතුවන්කන්ද , කරඬුපන, කෑගල්ල, ගලිගමුව , බල්ලපාන පසුකර කිලෝමීටර් 29 ආසන්න දුර ගෙවා තෝලංගමුව රාජමහා විහාරස්ථනයේ ය බලා වැඩම කිරිමට නියමිතව තිබේ .
මාවනැල්ල නඟරයෙදි සාම පාගමන වැඩම කරන අවස්ථාවේදී සාමය සමගිය සංකේතවත් කරමින් මුස්ලිම් ජාතිකයින් පිරිසක් හා පාගමනේ වැඩමකර භික්ෂුන් වහන්සේලා එක්ව පරවියෙක් නිදහස් කරන ලදි.


