PCR අඩු කර නැහැ රැපිඩ් ඇන්ටිජන් වැඩි කරලා තියෙන්නේ

covid19 vaccination PCR test rapid antigen Asela Gunawadhana
By Sewvandhi Jun 16, 2021 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටට ගෙන්වූ ස්පුට්නික් දෙවන මාත්‍රා 50,000 ක් සදහා අද දින භාවිත අවසරය ලබාදීමට හැකි බැවින් හෙට දින එම එන්නත් තොගය මහනුවරට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ස්පුට්නික් දෙවන මාත්‍රාව හෙට දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයට ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පල කළා. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 18,257 හා රැපිඩ් අන්ටිජෙන් පරීක්ෂණ 3,979 සිදුකර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියා සිටියා.

මේ අනුව ඊයේ දිනය තුල සිදුකර ඇති සමස්ත කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 22,236 ක්. මේ අනුව සිදුකෙරෙන PCR පරීක්ෂණ අඩුවීමක් කර නොමැති අතර රැපිඩ් අන්ටිජන් ප්‍රමාණය වැඩිකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට නිරෝධායන වන පවුල්වල PCR පරීක්ෂණ සිදු නොකරන අතර ඒ වෙනුවට රැපිඩ් අන්ටිජන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය අසේල ගුණවර්දන කියා සිටියේ. ඒ තුලින් ඉක්මනින් රෝග ව්‍යාප්තිය දැන ගැනීමට හැකියාව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල අහඹු පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් සංඛ්‍යාව වැඩිකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඒ හරහා රෝගය කොතරම් දුරට සමාජයේ පැතිරී ඇත්ද යන්න පිළිබඳව ලබන සෙනසුරාදා වන විට දැන ගත හැකිවනු ඇති බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ අහඹු පරීක්ෂණ වැඩි කිරීමෙන් රට ඉක්මනින් විවෘත කිරීමට ඇති හැකියාව දැනගත හැකි බවයි.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now