සැකකරුවන්ගේ පෙර වැරදි සඟවන්න අල්ලස් ඉල්ලපු කොස්තාපල්ට වැඩ වරදී..

Report

බිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය .

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

බිබිල මැදගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගන්නා ලද රා ප්‍රමාණය අඩුවෙන් සඳහන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ පෙර වැරදි සඳහන් නොකිරීමට සහ ඉදිරියේදී මේ සම්බන්ධ අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එකී මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර කොස්තාපල්වරයා කඩ කාමරය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබේ .