නැවතත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවිඩයක් - අගමැතිනියගෙන් පොරොන්දුවක්
අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (06) පැවති සාකච්ඡාවේදී විදුහල්පති සේවාව සහ රාජ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්රවල පවතින වැටුප් විෂමතා පිළිබඳ තිරසාර විසඳුම් සොයා ගැනීමට මෙම වසරේ වැටුප් කොමිසමක් ස්ථාපිත කෙරෙන බව පවසයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එම කොමිසම හරහා රාජ්‍ය සේවාවේ වැටුප් විෂමතා සඳහා ස්ථිර සහ සාධාරණ විසඳුමක් ලබා දීමේ අරමුණ ඇති බවයි.
මෙම පියවර, රාජ්‍ය සේවයේ වෘත්තීය ස්ථාවරභාවය සහ සේවකයන්ගේ ආර්ථික ස්ථාවරතාවය වර්ධනය කිරීමේ වැදගත් උත්සාහයක් බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,
"විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා අරගෙන තියෙනවා විදුහල්පති සංගම් සහ විදුහල්පතිවරුන් අතරත්. අපි මේ විෂමතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් යම් විසඳුමක් සොයන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ. රජයේ ප්‍රතිපත්තිය හැටියට වැටුප් කොමිසමක් පත් කරන්න නියමිතයි මේ අවුරුද්දේ. ඒ වැටුප් කොමිසම හරහා තමයි අපිට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. පහුගිය කාලේම වැටුප් වර්ධක සිද්ධ වෙලා තියෙන විදිහත් එක්ක අධ්‍යාපන ක්ෂේත්රයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක අර්බුද විෂමතා ඇතිවෙලා තියෙන නිසා මේකට තිරසාර විසඳුමක් අවශ්‍යවන නිසා තමයි වැටුප් කොමිසම හරහා මේකට විසඳුමක් සොයා දෙන්න අපි උත්සා කරන්නේ. වැටුප් කොමිසමට විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් අපි යෝජනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා."