රජයේ පිළිගත් තනතුරකට පත්වීම් දෙන විදිහ වෙනස් කරයි - වයස් සීමාවත් වෙනස් වෙයි

Report

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, සාමදාන විනිශ්චයකාර තනතුර දැවෙන දේශපාලන බලපෑම් මත ලබා නොදෙන බවයි.

අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි ක්‍රමවේදයක් සකසා ඇති බවත්, දිවයින පුරා සිටින සාමදාන විනිශ්චයකාරවරුන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක්ද සකස් කරමින් සිටින බවත් ය.

යුධ ගිනිවලින් බහරේන් දැවේ - බහරේන් හෝටලයකට සහ ගොඩනැගිලි දෙකකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

යුධ ගිනිවලින් බහරේන් දැවේ - බහරේන් හෝටලයකට සහ ගොඩනැගිලි දෙකකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

මේ පද්ධතිය මගින් යම් පිටපතක් සහතික කිරීමේදී, එම පුද්ගලයා සාමදාන විනිශ්චයකාරවරයෙකුද නොද යන්න පහසුවෙන් දැනගත හැකි වනු ඇත. එමෙන්ම, ඉදිරියේදී මෙම තනතුර සඳහා පත්වීම් ලබා දීමේදී උපරිම වයස් සීමාව 75 දක්වා පමණක් සීමා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"මේක දේශපාලණිකව තවදුරටත් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම ජීවන දත්ත අවුරුදු දෙකකට වරක් අලුත්වැඩියා කරන්න නව ක්‍රමවේදයක් අපි දැන් හදලා තියෙනවා.එතකොට හැමෝම ඒ ග්‍රාම සේවා සහතික සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරන ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපි දැන් හදලා ඉවරයි වට්සප් අංකයකුයි, ඊමේල් එකකුයි, ටෙලිෆොන් නම්බරයකුයි.

යම් සමාදාන විනිශ්චයකාරතුමෙක් වරදක් කරනවානම් පැමිණිලි කරන්න. තවම සාකච්ඡා කරලා නැහැ එක පාරටම කලින් හිටපු කට්ටියව කැන්සල් කරන්න. සමහරු අවුරුදු 5-10ක් මේක කරලා සුදුසුකම් අරන් තියෙන්නේ හැබැයි ඉතා ඉක්මනින් ඩේටා බේස් එකක් හැදීමේ වැඩේ කරනවා. එතකොට කොහේ සීල් එක ගැහුවත් අපි දන්නවා එයා සාමදාන විනිශ්චයකාරවරයෙක්ද නැද්ද කියලා.

එකට දත්ත ඇතුළත් කිරීම තමයි මේ දවස්වල වෙන්නේ.. මේක කමිටුවක් මගින් තීරණය කළේ. සාමාන්‍ය මතයක් වුණේ මේ ව්‍යාකූල ලේඛණ ආපුවාම කියවලා තේරුම් ගන්න නිසි මානසික තත්ත්වයක්, සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඉදිරියේදී දෙන ඒවා වයස 75 කියලා කමිටුව තීන්දු කළා. ඒක වෙනස් කරන්න තරම් සාදාරණ සහ යුක්තිසහගත කරුණු දැක්වීමක් මට මේ දක්වා ලැබිලා නෑ."

ඉරාන යුද නැව ගිල්ල වූ රහසිගත ඇමරිකානු සබ්මැරීනයේ සිටින තිදෙනෙක් ගැන අනාවරණයක් - ප්‍රබල රටක් පිටිපස්සේ?

ඉරාන යුද නැව ගිල්ල වූ රහසිගත ඇමරිකානු සබ්මැරීනයේ සිටින තිදෙනෙක් ගැන අනාවරණයක් - ප්‍රබල රටක් පිටිපස්සේ?