ජනාධිපතිවරණයට අදාල ඡන්ද ප්‍රතිඵලයක් බෑගයක දමාගෙන පවිත්‍රා පොහොට්ටුවේ ප්‍රබලයින් හමු වෙන්න යයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සිය දේශපාලන ක්‍රියාකාරීන් කැදවා අදහස් විමසීමක් කර තිබෙන බව වාර්තා වනවා.
ඊයේ දිනයේ පැල්මඩුල්ල රිල්හේන පිහිටි ඇයගේ නිවසට කැඳවා ඇති මෙම ක්‍රියාකාරීන් ගෙන් ඒ පිළිබඳව රහස් චන්දයක් ද පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.
නමුත් එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැති ඇමතිනිය ප්‍රතිඵල තම ගමන් බෑගයේ දමාගෙන කොළඹ බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දෙන බවද ඇය එහිදී ප්‍රකාශ කර ඇත.
දේශපාලන ක්‍රියාකාරීන් ඇමතිනියගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂය දෙකඩ නොකර ජනාධිපතිවරයා සමග එකතුව ජනාධිපතිවරණයට මුහුණ දෙන ලෙසයි.