ඉදිරි දින කිහිපය තීරණාත්මකයි..රජයෙන් විශේෂ දැනුම්දීමක්..
By Aruna
මැද පෙරදිග පවතින තත්ත්වය මත, අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපයේ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ ඇමති අලි සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ.
ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.