ජාතික සභාවේ හදිසි පුටු මාරුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ඒ බව නිවේදනය කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.
රාමේෂ්වරන් මහතා නම්කර තිබේ. ජාතික සභාවේ මීළඟ රැස්වීම හෙට (06) පැවැත්වීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |