විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ට විදේශ ගමන් බලපත් ලබාගැනීමට කළ විශේෂ වැඩපිළිවෙළ..

Sri Lanka
By krishani Aug 24, 2022 01:45 AM GMT
krishani

krishani

Report

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා වෙන් කළ විශේෂ කවුන්ටරය බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කර ඇත.

විදෙස් රැකියාවක් සඳහා පිටත්ව යාමට අවශ්‍ය මූලික කාර්යයන් සම්පූර්ණ කළ අයදුම්කරුවකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිකුත් කරන ලිපිය දෙපාර්තමේන්තුවේ මෙම විශේෂ කවුළුවට ඉදිරිපත් කිරීමෙන් සිය විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමට හැකි වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha