ලංකාවේ ඉදලා ඉන්දියාවට මුහුදෙන් යන්න පුලුවන් සුපිරි අධිවේගී මගී යාත්‍රා සේවය අදින් ඇරඹෙයි - එක් අයෙක්ට යන සම්පූර්ණ වියදම මෙන්න. 

Sri Lanka India
By krishani Oct 14, 2023 04:53 AM GMT
krishani

krishani

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් සහ කන්කසන්තුරය වරාය අතර මගී යාත්‍රා සේවය කිහිපවරක් කල් දැමුණු ලැබීය.

නමුත් එය අද (14) දින ආරම්භ කෙරිණ.

මෙම යාත්‍රාව චෙරියපානි ලෙස නම් කර තිබෙනවා.

මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දීය නැව් සංස්ථාව මඟින් ය. 

එහි ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබෙනවා.

පැය 4ක කාලයක් එක් ගමනාන්තයක් සඳහා වැයවන අතර, වරකට ගමන් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව 150 ක් වේ.

මෙම යාත්‍රාවේ යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වේ.

කෙසේ වෙතත්, එක් ගමනාන්තයක් සඳහා රුපියල් 27,000ක් වැය වන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය සඳහන් කළේ ය.

ReeCha