හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි කැඳවන්න අධිකරණ නියෝග

Report

2019 පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්විය නොහැකි වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 18 වනදා නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

අද (28) මෙම නඩුව නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවිනි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප් පීරිස් මහතා සඳහන් කළේ, මීට පෙර නඩුව විභාග කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණය වෙත උසස්වීමක් ලැබූ බැවින් නව විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නව අගවිනිසුරුවරයාට ඉල්ලීමක් කරන බවයි.

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු

ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් පත් වන තුරු නඩුව නැවත කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදු විය.

අදාළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, නඩුව නැවත කැඳවීමට සැප්තැම්බර් 18 වනදා ලෙස නියම කළේය.