පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කවුද?..පිල්ලෙයාන් CID එකට යද්දි කියාගෙන ගියපු දේ මෙන්න.(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Pillayan
By Aruna Nov 22, 2024 06:59 AM GMT
Aruna

Aruna

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සදහා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා චැනල් ෆෝ නාලිකාවට කර තිබූ කරුණු දැක්වීමකට අදාළව බවයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රකාශ කළේ.

විපක්‍ෂ නායක අසුන අල්ලාගෙන පාර්ලිමේන්තු නිලධාරියකුට සද්දෙ දැමූ මන්ත‍්‍රීගේ ධුරය අහෝසි වෙයි?..(VIDEO)

විපක්‍ෂ නායක අසුන අල්ලාගෙන පාර්ලිමේන්තු නිලධාරියකුට සද්දෙ දැමූ මන්ත‍්‍රීගේ ධුරය අහෝසි වෙයි?..(VIDEO)


පෙරේදා දිනයේදී ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, පැය 05කට පසු ඉන් පිටව ගියා.

මෙහිදී මාධ්‍යවේදීන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවේ තමන් බන්ධනාගාර ගතව සිටියදී මෙය සැලසුම් කරන ලද්දක් ද යන්නය. 

එහිදී චන්ද්‍රකාන්තන් මහතා කියා සිටියේ තමන් මෙයට කිසිසේත් සම්බන්ධ නැති බවත් එය ආණ්ඩුව විසින් විමර්ශනය කර මහ මොලකරු කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවයි.

පිල්ලෙයාන් විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න👇



ReeCha