විපක්‍ෂ නායක අසුන අල්ලාගෙන පාර්ලිමේන්තු නිලධාරියකුට සද්දෙ දැමූ මන්ත‍්‍රීගේ ධුරය අහෝසි වෙයි?..(VIDEO)

By Aruna Nov 22, 2024 05:08 AM GMT
Report

දහවන පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

අද සිට ලක්ෂ ගණනකට රුපියල් 3000ක දීමනාවක්..සල්ලි ගිණුම් වලටම වැටෙයි.

අද සිට ලක්ෂ ගණනකට රුපියල් 3000ක දීමනාවක්..සල්ලි ගිණුම් වලටම වැටෙයි.


මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවයි දැනුම්දී ඇත්තේ.

මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිමය නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවද දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කර ඇත.

මීට පෙර රාජිත සේනාරත්න මහතාද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර කළා.