මාලිමාවේ පක්ෂ කාර්යාලයට ගිනි තැබීමක්...
Sri Lanka Police
National Peoples Party
National People's Party
Fire
Election
By Parami Dissanayake
මීරිගම බොකලගම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසනවා.
අද (28) පස්වරුවේ දී කිසියම් පුද්ගලයකු ප්රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්රචාරක පුවරුවලට ගිනි තබා ඇති බව පොලිසිය පැවසී ය.
එමෙන් ම, ගින්නෙන් ගොඩනැගිල්ලට ද සුළු අලාභානී සිදුවී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වන විට හදුනාගෙන ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.