අද පාර්ලිමේන්තුව රැස් වෙයි

Report

පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය.

අද දිනයේ සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් විවාදයට ගැනීමට නියමිතව ඇත.

හෙට (23) දිනයේ දී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

 

ඊයේ (21) පස්වරුවේ ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වුණි.

එමෙන්ම හෙට දිනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව වාර්තා වන්නේ.

දේශපාලන කුටියක්ද? – ජා.ජ.බ. මන්ත්‍රීවරියකගේ පියාට සීදුවේදි වෙඩි ප්‍රහාරයක්

දේශපාලන කුටියක්ද? – ජා.ජ.බ. මන්ත්‍රීවරියකගේ පියාට සීදුවේදි වෙඩි ප්‍රහාරයක්

මෙහිදී නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ යෝජනා පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන් ය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වන දින විශ්‍රාම යෑමට නියමිත අතර එම පුරප්පාඩුව සඳහා නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමට නියමිතය.  

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි