පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට තීරණය වෙයි

Report

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්තෝබර් 06 අඟහරුවාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.

අනතුරුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, එම පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතය.

පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත. ඔක්තෝබර් 07 බදාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර තිබේ.

පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, ඉන් අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇත. පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ. පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

ඔක්තෝබර් 09 සිකුරාදා පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ. පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

අනතුරුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විවාදයට ගැනීමට නියමිතය.

රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් අනුපාතික මෙන්න

රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් අනුපාතික මෙන්න