2026 පළමු මාස 8 තුළ රජයේ බදු ආදායම දැවැන්ත ලෙස ඉහළට

Report

මෙම වසරේ (2026) ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,684ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව, 2025 වසරේ අදාළ කාල සීමාවේ වාර්තා වූ රුපියල් බිලියන 3,068ක බදු ආදායමට සාපේක්ෂව මෙය 20%ක වර්ධනයකි.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

2026 වසර සඳහා අපේක්ෂිත සමස්ත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,910න් 75%ක්ම පළමු මාස 8 තුළ රැස් කරගැනීමට රජය සමත්ව තිබේ. ඒ අනුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 4,002.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 92%ක්ම ආවරණය වී ඇත්තේ බදු ආදායම් මගිනි.

මෙහිදී වැට් (VAT) බදු ආදායම 22%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1,322.7ක් ලෙස සටහන් වී ඇති අතර, ආදායම් බදු 18%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 825.6ක් ලෙස වාර්තා වේ.

''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,728ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,727ක්ද වශයෙන් සමස්ත බදු ආදායමෙන් 47% බැගින් දායකත්වය ලබා දී ඇත.

මෝටර් රථ මත අය කෙරෙන සුරාබදු ආදායම ද රුපියල් බිලියන 347 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මෙම ආදායම් ශක්තිමත් වීමත් සමඟ, 2025 වසරේ මුල් මාස 8 පැවැති රුපියල් බිලියන 411ක අයවැය හිඟය වෙනුවට 2026 පළමු මාස 8 තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට රජයට හැකි වී ඇත.