''මුළු රටක් දෙනෙත් යොමා බලා සිටි දුම්රිය ගමන යළි ඇරඹේ'' - ‘පොඩි මැණිකේ’ පේරාදෙණියට ළඟා වෙයි

Report

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද (02) යළි ආරම්භ කර තිබේ. ඒ අනුව, අද උදෑසන 5.55ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ ‘පොඩි මැණිකේ’ දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ළඟා වී තිබේ.

කෙසේ වෙතත්, අද දිනයේ මෙම දුම්රිය මගී ප්‍රවාහනය සඳහා යොදාගෙන නොමැති අතර, පරීක්ෂණ දුම්රියක් ලෙස ධාවනය කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු රඹුක්කන සිට මහනුවර සහ බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.

ඒ අනුව ඊයේ (01) දක්වා දුම්රිය ධාවනය වූයේ රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් වන අතර, අද සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

“අලුත් වාහනේ අංක තහඩුව, රියදුරු බලපත්‍රය තාම ලැබුණේ නැද්ද?” - ප්‍රමාදයට දැඩි පියවරක්

“අලුත් වාහනේ අංක තහඩුව, රියදුරු බලපත්‍රය තාම ලැබුණේ නැද්ද?” - ප්‍රමාදයට දැඩි පියවරක්

අද ධාවනය වූ පරීක්ෂණ දුම්රියේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්ද ගමන් කර තිබේ.

එමෙන්ම දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සඳහා එක්වූ ඉංජිනේරුවන් සහ සේවකයින්ද මෙම පරීක්ෂණ දුම්රියේ ගමන් කර තිබීම විශේෂත්වයකි. ‘පොඩි මැණිකේ’ දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව එහිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණි.

ඉන් අනතුරුව පරීක්ෂණ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - සිදුවූ වෙනස්කම්වල අලුත්ම විස්තරය මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - සිදුවූ වෙනස්කම්වල අලුත්ම විස්තරය මෙන්න