ශ්‍රී ලංකා පාපන්දුවත් සුපිරි ගමනක - සීෂෙල්ස් තරගාවලියත් පූර්ණ ජයක් වාර්තා කරයි

Report

සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය ගෝල 5-0ක සමස්ත ජයක් ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දෙවැනි තරගය සීෂෙල්ස් හි මහේ දූපතේ වික්ටෝරියා නුවර Stade Linité ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැත්විණි. පළමු තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 3-0ක ජයක් වාර්තා කර තිබූ අතර, දෙවැනි තරගයේදීද සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

FIFA ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 187 වැනි ස්ථානයේත්, සීෂෙල්ස් කණ්ඩායම 204 වැනි ස්ථානයේත් පසුවෙයි. තරගයේ 32 වැනි මිනිත්තුවේදී Dillon de Silva ගෝලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට පළමු අර්ධයේදී පෙරමුණ ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවෙන් පාපන්දුවට තවත් ජයක් - සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක දැවැන්ත ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවෙන් පාපන්දුවට තවත් ජයක් - සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක දැවැන්ත ප්‍රහාරයක්

දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක නිරත වූ අතර, ආරක්ෂක ක්‍රීඩාවද ශක්තිමත් කර ගැනීමට කටයුතු කළහ.

අනතුරුව ආදේශක ක්‍රීඩක Waseem Razeek තරගයේ 84 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය. ඒ අනුව තරගය ගෝල 2-0කින් ජයගත් ශ්‍රී ලංකාව, සීෂෙල්ස් සමඟ පැවති තරග දෙකම ජයගෙන කිසිදු ගෝලයක් ප්‍රතිවාදීන්ට ලබා නොදීමද විශේෂත්වයකි.

සීෂෙල්ස් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මොරිෂස් බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී මොරිෂස් සහ ජිබුටි කණ්ඩායම් සමඟ ජාත්‍යන්තර සුහද තරගවලට එක්වීමට නියමිතව තිබේ.

දැනට පවතින තරග කාලසටහන අනුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 2 වැනිදා මොරිෂස් සමඟත්, ඔක්තෝබර් 3 වැනිදා ජිබුටි සමඟත් තරග වැදීමට නියමිතය.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න