''ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ගැන අනතුරු ඇඟවීමක්'' - මෙම ප්‍රදේශවල ජනතාව ප්‍රවේශම් වන්න

Report

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (02) පස්වරු 11.30 දක්වා මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

''මුළු රටක් දෙනෙත් යොමා බලා සිටි දුම්රිය ගමන යළි ඇරඹේ'' - ‘පොඩි මැණිකේ’ පේරාදෙණියට ළඟා වෙයි

''මුළු රටක් දෙනෙත් යොමා බලා සිටි දුම්රිය ගමන යළි ඇරඹේ'' - ‘පොඩි මැණිකේ’ පේරාදෙණියට ළඟා වෙයි

“අලුත් වාහනේ අංක තහඩුව, රියදුරු බලපත්‍රය තාම ලැබුණේ නැද්ද?” - ප්‍රමාදයට දැඩි පියවරක්

“අලුත් වාහනේ අංක තහඩුව, රියදුරු බලපත්‍රය තාම ලැබුණේ නැද්ද?” - ප්‍රමාදයට දැඩි පියවරක්

Gallery