ඩීසල් නිසා ට්‍රම්ප්ගේ ඉහමොළ රත් වෙයි - ඉන්ධන නිසා ලෝකෙම කැළඹෙද්දි ඩීසල් අපනයනට තහනමක්

Report

ලෝක වෙළඳපොළේ පවතින උග්‍ර ඩීසල් හිඟය මධ්‍යයේ අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව යුරෝපීය රටවල පවතින හදිසි ඩීසල් සංචිත වෙළඳපොළට නිදහස් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ගොවීන්, ලොරි රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත්, එම බර ඔවුන් මත පමණක් පටවා නොතබා යුරෝපීය රටවල් වහාම තම ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහැරීමට කටයුතු කළ යුතු බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර සිටින බව වාර්තා වේ.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

කෙසේ වෙතත් ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති බලශක්ති අර්බුදය හමුවේ අමෙරිකාවේ ඩීසල් මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක අමෙරිකානු පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ මෙම මිල ඉහළ යාම අමෙරිකානු ජනතාවගේ ප්‍රධාන අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇත.

එසේම අමෙරිකාව දිනකට ඩීසල් බැරල් මිලියන 1.2 ත් 1.5 ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අපනයනය කරන ප්‍රධානතම සැපයුම්කරුවෙක් ද වේ.

එබැවින් ආර්ථික විෂ්ලේෂකයෝ අනතුරු අඟවන්නේ යම් ලෙසකින් අමෙරිකාව ඩීසල් අපනයනය තහනම් කළහොත් ලොව සෙසු රටවල ඩීසල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

මේ අතර අමෙරිකානු අපනයන තහනමක් ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීමට හදිසි ඩීසල් සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපීය සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා පවත්වා ඇති බව සඳහන්.

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක මිල මේ වන විට පෙට්‍රල් ලීටරයක් පැන්ස 200 (200p) සීමාවට ආසන්න වෙමින් සර්වකාලීන ඉහළම අගයක පවතියි.

ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වී තිබෙන අතර, එමඟින් ගෝලීය ලෙස ඛනිජ තෙල් සහ ඩීසල් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇත.  

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්