රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් අනුපාතික මෙන්න

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද දිනයේ ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර පවතී. සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.35ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 335.60ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.10ක් වන අතර, විකුණුම් අනුපාතිකය රු. 335.10ක් ලෙස නොවෙනස්ව පවතී.

මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 326.62 සිට රු. 326.48 දක්වා අඩු වී ඇති අතර, එහි විකුණුම් අනුපාතිකය රු. 334.72 සිට රු. 334.57 දක්වා පහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.59 සිට රු. 324.34 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 334.50 සිට රු. 334.25 දක්වාත් අඩු වී ඇත.

මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.75 සිට රු. 326.50 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.75 සිට රු. 334.50 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

ඩොලරයට මොකද වුණේ? ප්‍රධාන වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

ඩොලරයට මොකද වුණේ? ප්‍රධාන වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්