කොළඹ වරාය පනත් කෙටුම්පතට අනුමැතිය

Report

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට අද (21) සිය සහතිකය සටහන් කර නිල වශයෙන් ලබා දුන් බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත 2025 දෙසැම්බර් 05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, 2026 ජනවාරි 07 දින විවාදයට ගෙන සම්මත කර තිබේ.

මෙම පනත 2021 අංක 11 දරන මුල් පනත සංශෝධනය කිරීමේ අරමුණින් ගෙන ආ අතර, එහිදී අක්වෙරළ බැංකු කටයුතු සහ බදු අනුකූලතාවය සම්බන්ධ නියාමන අධීක්ෂණය වැඩි දියුණු කිරීමට, උපාය මාර්ගික වැදගත්කමේ ව්‍යාපාර (BSI) සඳහා වූ නිර්ණායක තවදුරටත් සංශෝධනය කර පැහැදිලි කිරීමට කටයුතු කර තිබේ.

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

ඒ අනුව මෙම සංශෝධන පනත මගින් කොළඹ වරාය නගර ආර්ථික කලාපය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා දැඩි අධීක්ෂණයක් හඳුන්වා දෙන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අක්වෙරළ බැංකු කටයුතු නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබා දේ.

ඒ සමග වරාය නගර ආර්ථික රාමුව ගෝලීය බැංකු අවශ්‍යතා සහ ජාතික මූල්‍ය ස්ථායිත්ව ඉලක්ක සමඟ සමපාත කරනු ලබයි. එමෙන්ම මෙම පනත් කෙටුම්පත 2026 අංක 01 ලෙස බලාත්මක වේ.

ගණකාධිකාරිවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පනියි - සිරුර සොයා කළු ගඟේ විශේෂ සෝදිසියක්

ගණකාධිකාරිවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පනියි - සිරුර සොයා කළු ගඟේ විශේෂ සෝදිසියක්