අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්
මෙම රජය බලයට පත්වීමෙන් පසු අස්වැසුම සහනාධාර වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී අයදුම්පත් ලක්ෂ 8ක් පමණ ඉදිරිපත්වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) සඳහන් කළේය.
ඒ අයදුම්පත් අතරින් දෙවැනි වටයේදී පුද්ගලයින් ලක්ෂ 2යි 87 දහසක් පමණ සුදුසුකම් ලබා ඇති බවත්, රට පුරා වර්තමානය වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 16යි 57 දහසක් 621ක් බවත් ඔහු සඳහන් කළේය.
මන්ත්‍රී සුරංග රත්නායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තවද, සුභසාධක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු සියලු දෙනාටම ප්රතිලාභ ලබා දී ඇති බවත්, අස්වැසුම සඳහා අයදුම් කර තිබුණද මෙතෙක් තෝරා නොගත් විශාල පිරිසක් සිටින බවත්, එම පිරිස මේ දිනවල තේරීම් ක්‍රියාවලියට ලක් වෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.