ගණකාධිකාරිවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පනියි - සිරුර සොයා කළු ගඟේ විශේෂ සෝදිසියක්
කළුතර පාලම අසළින් පුද්ගලයෙකු අතුරුදන් වීමක් පිළිබඳ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ අනුව කළුතර පාලම අසළින් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, කිමිඳුම්කරුවන් සහ ශ්රී ලංකා නාවික හමුදාවේ ජීවිත ආරක්ෂක නිලධාරීන් එක්ව කළු ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
කළුතර උතුර ප්රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කළුතර දකුණ පොලීසියට කළ දැනුම්දීමක් අනුව මෙම මෙහෙයුම ආරම්භ කළ බව පොලීසිය පවසයි.
අතුරුදන් වී ඇති බවට සැක පළවන්නේ කළුතර උතුර ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයෙකු පිළිබඳව වන අතර, ඔහුට අයත් ජංගම දුරකථනය කළුතර පාලම මත තිබී හමුවී ඇත.
එම පුද්ගලයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක CCTV කැමරාවක සටහන්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව කළුතර දකුණ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.