පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Report

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව පළමුවරට අද (05) පෙරවරු 09.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.

අද සිට ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තු වාරය පැවැත්වෙන අතර, අද දිනයේ විශේෂයෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ වන නියමයන් හතරක් අනුමත කර ගැනීමට නියමිතව තිබේ.

සතියේ ඉදිරි වැඩකටයුතු අනුව හෙට (06) දිනයේදී බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තු භංගත්ව පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, අනිද්දා (07) දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සහ මෝටර් වාහන පනත යටතේ වන නියෝග අනුමත කිරීමට නියමිතය.

අද දවසේ කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට වැසි

අද දවසේ කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට වැසි

සිකුරාදා (08) දිනය පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත. මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්වූ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ, මෙම පාර්ලිමේන්තු සතිය තුළ භාණ්ඩාගාරයේ මුදල් සොරකම සම්බන්ධයෙන් දැඩි ලෙස කරුණු මතු කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ මෙම කරුණ කෙරෙහි විපක්ෂයේ වැඩි අවධානයක් යොමු වන බවයි.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් - තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් - තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්