ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් - තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
By Ashfa
ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි පිහිටි ඛනිජ තෙල් කර්මාන්ත පුරයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව එමීර් රාජ්‍යයේ මාධ්‍ය ඒකකය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉරානයේ සිට මිසයිල හතරක් ද එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන් බහුතරයක් සිය ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කිරීමට සමත් වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සදහන් වේ.