කෙහෙම්මලක් මොඩියුලයට දාලා හය වසරේ ළමයින්ට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් - අගමැතිනියට පාර්ලිමේන්තුව මැද්දෙම අමතයි

Report

අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාර මහතා විසින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වෙත ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කළේය. එහිදී ගැටලුවට ලක් වූ හය ශ්‍රේණියට අදාල අච්චු ගැසූ මොඩියුල ඉවත් කිරීම තුලින් රජයට සිදු වූ පාඩුව පිලිබදව ප්‍රශ්ණ නැගුවේය.

ඊට පිලිතුරු දෙමින් අගමැතිනිය ලබා දුන් පිළිතුරු පිලිබදව සෑහීමට පත් නොවූ මන්ත්‍රීවරයා අදාල ප්‍රශ්ණය පිලිබදව නැවතත් ප්‍රශ්ණ මතු කළේය.

එහිදී නලින් බන්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, "මම අහපු ප්‍රශ්ණෙට මට තාම උත්තර හම්බුණේ නෑ ආයේ පැහැදිලි කරන්න අගමැතිනිය".ලෙසයි.

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

එහිදී ඊට පිළිතුරු දෙමින් අගමැතිනිය පවසා සිටියේ මොඩියුල කිසිවක් ඉවත් කර නැති බවත් එම නිසා කිසිදු පාඩුවක් සිදුවී නොමැති බවත් එමෙන්ම නැවතත් 2027 වර්ෂයේදී අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවත් ඒ අවස්තාවේදී අදාල මොඩියුල නැවත භාවිතා කරන බවත්ය.

එහීදී මන්ත්‍රීවරයා පිලිතුරු දෙමින් පවසා සිටියේ " දැන් හය වසරට ගත්තම පෙළපොතුත් නෑ මොඩියුලත් නෑ.මෙලෝ දෙයක් නෑ. ඒ ළමයින්ට දැන් පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ අර කෙහෙල්මලක් දාලා.ඒ නිසා ඒ ළමයින්ට ක්ශනික දෙන විසදුම මොකක්ද? අඩුම ගානෙ ගිය අවුරුදු වල පෙලපොත් හරි දෙනවද? එහෙම දෙනවනම් ඒවා කවද්ද එන්නේ? නැත්නම් මේ පෙලපොතේම පිටුව ගලවලා දෙනවද මොකක්ද වෙන්නේ?" ලෙසයි.

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

ඊට පිලිතුරු දෙමින් අගමැතිනිය පවසා සිටියේ " හය වසර ළමයින්ටනම් පාරෙ බැහැලා යන්න කිසි ප්‍රශ්ණයක් නෑ.මොකද ඒ ළමයි කිසි වැරැද්දක් කරලා නෑ. පාරෙ බැහැලා යන්න බැරි මෙතුමන්ට.මෙතුමන්ලා කරපු ඒ හානිය නිසා පාරෙ බැහැලා යන්න බැරි කාටද කියලා රටම දන්නවා. ළමයින්ටනම් පාරේ බැහැලා යන්න කිසිම ප්‍රශ්ණයක් නෑ.හය ශේණියට අදාල පෙලපොත් මේ වනවිට බෙදන්න පටන් ගත්තා.පෙබරවාරි මැද වෙනකොට සියලු පෙලපොත් බෙදන්න සූදානම්" ලෙසයි.