ජූනි 18 සිට 20 දක්වා මොනවද මේ සිදු වන විශේෂ දේවල්.? - පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Government Of Sri Lanka
By Wayomi Jun 14, 2024 12:47 PM GMT
Wayomi

Wayomi

Report

ජූනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.

පසුගිය ජුනි 6 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.

මේ අනුව ජූනි 18 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, 2360/62 සහ 2360/63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ අංක 2308/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ අංක 2373/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නි‍යෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජුනි මස 19 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ අංක 2366/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති රෙගුලාසි සහ 2369/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය, පොල් සංවර්ධන පනත යටතේ යෝජනා සම්මතය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2381/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්


අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පසුගිය ජූනි 4 වැනිදා විවාදයට ගෙන කල් තබන ලද, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව ඇත.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.

IMF ආරංචිය සුබ වුනාට - මෙන්න ගෙවල් තියෙන අයට ගහන්න යන අලුත්ම බද්ද.


පසුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මිනිස් වෙස් ගත් පිටසක්වල ජීවීන් ගැන විශේෂ අනාවරණයක්. - (VIDEO)

මිනිස් වෙස් ගත් පිටසක්වල ජීවීන් ගැන විශේෂ අනාවරණයක්. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%