වසන්තගෙ ක්‍රිප්ටෝ මුදලුයි ජගත්ගේ බයිනෑන්ස් ගිණුමෙයි ඇත්ත නැත්ත අහපු දයාසිරි නිසා මැතිසබය රත් වෙයි

Report

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබා ගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(24) දින පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියා.

එහිදී අඳාළ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී තිබෙන බවයි.

මේ හේතුවෙන් වහාම මේ ගැන අවධානය යොමු කරන මෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා ඇත.

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

ඔහු මෙම වරප්‍රසාද ප්‍රශ්නය අසා ඇත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව සකස්කොට 2018 මාර්තු 07 වන දින සම්මත කරනලද පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් වෙනුවෙන් වන චර්යාධර්ම සංග්‍රහයේ vi වන කොටසේ 14-22දක්වා වන මන්ත්‍රිවරුන්ගේ මූල්‍ය බැදීම ලේඛනය උපුටාදක්වමින්.

එබැවින් එහි වරප්‍රසාද කඩකිරීම පිළිබඳව මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතුකරන බවයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ. එමෙන්ම උක්ත චර්යාධර්ම අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මඟින් දැනටමත් ඵහි වෙබ් අඩවියේ පළකර තිබෙන බවද මන්ත්‍රිවරයා පවසා සිටියා.

එසේම වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000ක් ඇති බව සඳහන් කර තිබෙන බවත් ජගත් වික්‍රමරත්න කථානායකවරයා සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850ක් පවතින බව සඳහන්කර ඇති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා එහිදී දක්වා තිබෙනවා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

එබැවින් මෙබඳු කාරණා මහබැංකු අධිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් බව දක්වා ඇති බවත් මෙම මුදල් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් හෝ උන්ඩියල් ක්‍රමයට ලබාගත්තේද යන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරනවිට මුලාසනයේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සිට තිබෙනවා.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය යොමුකරන විට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර යම් උණුසුම් කතාබහක්ද ඇති විය. 

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්