පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Report

අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

විදේශ විනිමය පනත යටතේ නියමය අනුමත කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.

පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

  පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

එහි සජීවී දර්ශන පහතින් නරඹන්න