159ක ගේ වැටුප බොරැල්ලේ රාජ්‍ය බැංකුවක ගිණුමට වැටෙන බවට දැනුම් දීමක්..මාසෙට කෝටි ගාණක් බැංකුවට වැටෙයි.
ජාතික ජනබලවේගයේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රිවරුන්ගේ සියලු වැටුප් ඇතුළු දීමනා බොරැල්ල පිහිටි රාජ්‍ය බැංකුවක ගිණුමකට බැර කෙරෙන බවත්, එම මුදල් මහජන සේවය සඳහා යොදාගන්නා බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජනතා විමුක්ති පෙරමුණේ පළමු මන්ත්‍රිවරයා වූ නිහාල් ගලප්පත්ති තේරී පත්වූදා සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි ඔහු කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂයෙන් වාහන ආනයනය නොකරන බවත්, මන්ත්‍රිවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබා නොදෙන බවත් ඔහු අවධාරණය කළේ ය.
මන්ත්‍රීවරයාට මහජනතාවට සේවය කරන්න අවශ්‍ය සුදුසු වාතාවරණය රජය විසින් සකස් කරමින් පවතින බවයි ඔහු පැවසුවේ.
නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට සක්‍රීය කරන බවත්, මේ වනවිට ඊට අදාළ දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මිනිස් චින්තනයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉවහල්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
You May Like This Video