පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට
පාසල් පෙළපොත් නොමිලේ ලබා දීම රජය මඟින් ක්‍රමානුකූලව අත්හිටුවීමට නව ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු විසින් 2026 වසරේදී පළමු වසරේ පළමු වාරයට සිංහල විෂය මාලා මොඩියුලය තුළ පමණක් QR කේත 42ක් ඇතුළත් කර තිබෙන බව පෙන්වා දෙයි.
එසේම සභාපතිවරයා අවධාරණය කළේ මේ නිසා දරුවන්ට අවශ්‍ය පාඩම් කොටස් මුද්‍රණය කරගැනීමේ විශාල බරක් දෙමාපියන්ට පැටවෙනු ඇති බවයි.
එබැවින් මෙම නව ක්‍රමවේදය දෙමාපියන්ට දැඩි අපහසුතාවක් ගෙන දෙන බව ගුණවර්ධන මහතාගේ අදහස වේ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙම තත්ත්වය අවබෝධ කර ගන්නා පෞද්ගලික අංශය ඉක්මනින්ම එම මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කොට වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර ගණනාවක් තිස්සේ නොමිලේ ලැබුණු පාසල් පෙළපොත්වලට දෙමාපියන්ට මුදල් ගෙවීමට සිදුවන අවදානමක් පවතින බව ද වාස් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්තිය පරාජය කිරීමට රටේ අනෙකුත් බහුජන සංවිධාන සමඟ එක්ව මැදිහත් වන බවයි.