දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය යළි ඇරඹෙයි

Train Transport
By Kanagasooriyam Jan 07, 2021 10:39 PM GMT
Report

කොරෝනා වසංගත තත්වය හමුවේ නවතා දැමුණු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු දැනට දුම්රිය ධාවනය සිදුකෙරෙන ප්‍රදේශවල අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත කලින් ආසන වෙන් කර ගත් පුද්ගලයන්ට යළි මුදල් ගෙවීමේ කටයුතු ද අද සිට ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කලේ.