වසර 11කට පසු මනුෂ්‍ය ඝාතනයක් වෙනුවෙන් පුද්ගලයෙකුට ලැබුණු බිහිසුණු දඩුවම
By Mithu
පිටිගල, මිරිස්වත්ත ප්‍රදේශයේදී 2015 වසරේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට අදාළව වරදකරු වූ විත්තිකරුවෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (10) මරණීය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ මහනුවර ප්‍රදේශයේ පදිංචි වින්තුව රාජ් චන්ද්‍ර මෝගන් නැමැත්තාටය.
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් - මුළු බරෙන් කිලෝග්‍රෑම් 65.224ක්ම රත්තරන් - ලංකාවම හොයපු අලුත් රන් කරඬුවේ විස්තරේ මෙන්න
2015 අප්‍රේල් මස 14 වන දින පිටිගල, මිරිස්වත්ත ප්‍රදේශයේදී මාණික්ය මෝර්එන් නැමැත්තාට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිටිගල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.
බලපිටිය මහාධිකරණය හමුවේ දීර්ඝ ලෙස විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමග කියැවෙන 296 වන වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමේ වරදට විත්තිකරු මෙලෙස වරදකරු කෙරිණි.