“රැකියා 500කට අයදුම්පත් 17,000ක් ඇවිල්ලා” - රජයේ රැකියා සොයන පිරිස ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Report

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන 25ක පුරප්පාඩු 500ක් පිරවීම සඳහා කැඳවූ අයදුම්පත් සංඛ්‍යාව 17,000කට අධික බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පවතින සේවක හිඟය විසඳීම සඳහා මෙම බඳවා ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 25ම දැඩි සේවක හිඟයකට මුහුණ දී සිටින බවත්, එම ආයතන දෙක ඇතුළුව විධායක ශ්‍රේණියේ සිට පහළ ශ්‍රේණි දක්වා විශාල පිරිසක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''

ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''

දීර්ඝ කාලයක් පුරා බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් සංස්කෘතික ක්ෂේත්‍රයේ ආයතන රැසක මෙහෙයුම් කටයුතුවලට බරපතළ ගැටලු මතුව ඇති බවද ඔහු පැවසීය. විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් 850ක පමණ හිඟයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගල් විහාරය වැනි ස්ථානවල පවතින සේවක අවශ්‍යතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් ආරක්ෂක නිලධාරීන් සහ වැඩ සහායකයන් අවශ්‍යව ඇති බවය.

වැඩ සහායකයන් 500 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය පසුගියදා අවසන් වූ බවත්, ඒ සඳහා අයදුම්පත් 17,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැඩිදුරටත් පැවසීය.

ආනයනික සෙස් බද්ද කැපෙයි- අලුත්ම තීරුබදු ක්‍රමය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

ආනයනික සෙස් බද්ද කැපෙයි- අලුත්ම තීරුබදු ක්‍රමය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්