හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් අභියාචනයක්
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අඳාළ අභියාචනය අද (11) දින කැඳවීමෙන් පසු එහි කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 09 වන දින කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.
ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා ඇත.