සීසීටීවී දර්ශන ඔස්සේ ත්‍රිරෝද රථය හොයාගනී - දෙහිවල අහිංසක පවුලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ තවත් තොරතුරු එළියට

Report

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන ඇත.

  දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි. ඒ සඳහා සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණෙන අයුරු CCTV කැමරාවක සටහන්ව ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර තිබෙන බවයි .

එහිදී නිවසේ නිදාසිටි 11 හැවිරිදි හා 17 හැවිරිදි දරුවන් දෙදෙනො බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත මෙම ප්‍රහාරයෙන් 55 හැවිරිදි ඔවුන්ගේ පියාගේද පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තා වී තිබේ.

දෙහිවල සලිත වෙයි - මහ පාන්දර අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල සලිත වෙයි - මහ පාන්දර අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පොලීසිය සදහන් කරන්නේ කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකර ඇත

බෝම්බ ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි